මියගිය පුද්ගලයෙකුගේ හදිසි මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ අයෙක්.
ගල්කිස්ස ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අල්ලස් කොමිසම වෙත සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
පැමිණිලිකරුගේ ඥාතියෙකු හෝ හිතවතෙකු 2025 දෙසැම්බර් මස 28 වන දින රාගම රෝහලේදී මියගොස් ඇති අතර, එම මරණයට අදාළ හදිසි මරණ පරීක්ෂණ වාර්තාව පැමිණිලිකරු වෙත ලබාදීම වෙනුවෙන් සැකකාර මරණ පරීක්ෂකවරයා විසින් රුපියල් 100,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා.
ඒ අනුව, ඉකුත් පෙරේදා (08) දිනයේදී අදාල අල්ලස් මුදල ලබාගෙන හදිසි මරණ පරීක්ෂණ වාර්තාව ලබා දී, අල්ලස් ලෙස අයැද භාර ගන්නා ලද රජයේ මුදල ද රැගෙන පලා යාමේ චෝදනාව මොහුට එරෙහිව එල්ල වී තිබෙනවා.
මෙම සිදුවීමෙන් පසු සැකකාර හදිසි මරණ පරීක්ෂකවරයාව අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇති අතර, එහිදී ක්රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් ඔහුව නිල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (12) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Latest News
දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්රායල ප්රහාරවලින් 06 දෙනෙකු ජීවිතක්ෂයට
Local
11 June 2026
ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි: 15කට ආසන්න පිරිසක් රෝහලට
Local
11 June 2026
පෙන්ටගනයේ හදිසි තත්වයක් : මහල් කිහිපයක් වසා දමා මිනිසුන් ඉවත් කරයි
Local
11 June 2026
‘සෙනෙහසේ කැදැල්ල’ ගින්නෙන් මියගිය 09කගේ සිරුරු භාර ගැනීමට තවමත් කවුරුත් නෑ: අධිකරණයේදී හෙළිවෙයි
Local
11 June 2026
හොරණ රාජ්ය බැංකු කොල්ලයට අනුබල දුන් ආරක්ෂක නිලධාරියා යළිත් රිමාන්ඩ්
Local
11 June 2026
ලක්ෂයක අල්ලසක් ගත්තැයි රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙක් අල්ලස් දැලට
Local
11 June 2026
තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන නිමාවෙයි: පරිශ්ර 97,871ක් පරීක්ෂාවට!
Local
11 June 2026
"රෑට පන්තියක් දාන්න.. අපි එන්නම් ඉගෙන ගන්න" මාලිමා මන්ත්රී නිපුණ ආරච්චි විපක්ෂයට කියයි
Local
11 June 2026
''අද රාත්රියේ ඉරානයට දැඩි ප්රහාර එල්ල කරන අතර නුදුරේදීම ඔවුන්ගේ තෙල් සහ ගෑස් වෙළඳපොල සම්පූර්ණ පාලනය භාර ගන්නවා'' - ඩොනල්ඩ් ට්රම්ප්
Local
11 June 2026
චීන අපනයන ඉහළ යාම මැද චීන-යුරෝපා සංගම් සබඳතා පළුදු වෙයි - වැදගත් සාකච්ඡා දෙකක් චීනයෙන් හදිසියේම අවලංගු කෙරේ
Local
11 June 2026