General12 June 2026

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වාට ඇප

පළාත් සභා මැතිවරණය ආසන්නයේ තිබියදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව දකුණු පළාත් මන්ත්‍රීවරුන්ට පුටු බෙදා දී රජයේ මුදල් අවභාවිත කළේ යැයි කියන දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (12) නියෝග කළා.

එක් එක් සැකකරුවන්ට ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර විදෙස් ගමන් ද තහනම් කරනු ලැබුවා.

ඇප මත මුදා හරිනු ලැබූ එම සැකකරුවන් දෙදෙනාට දකුණු පළාත් සංවර්ධන අධිකාරියට සහ දකුණු පළාත් සභාවට ඇතුළුවීම තහනම් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළා.

තවද මෙම සිද්ධියේ පළමු වන සැකකරු ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව ⁣මෙලෙස නියෝග කළා.

සිද්ධියට අදාළව තවත් පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූවා.
Related recommendation
Hiru TV News | Programmes