International13 June 2026

ඉරාන - අමෙරිකා සටන් විරාමයක් අතළඟ: හෝමුස් යළි විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඉරානය කියයි

ඉරානයේ සටන් නතර කිරීම සඳහා එක්සත් ජනපදය සමග වන ගිවිසුමක් ආසන්න මට්ටමක පවතින බවත්, එයට හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුළත් වන බවත්, ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරනවා.

මෙම ගිවිසුමට එක්සත් ජනපදය විසින් ඉරානයට පනවා ඇති අවහිර කිරීම් ඉවත් කිරීම ද ඇතුළත් වන නමුත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පසුව ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ.

ඉරානයට හිමිවන ආර්ථික ප්‍රතිලාභ රඳා පවතින්නේ ටෙහෙරානය සිය වගකීම් ඉටු කිරීම මත බව පවසමින් එක්සත් ජනපද නිලධාරීන් මෙම ගිවිසුමේ ඇතැම් තොරතුරු තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes