යුක්රේන යුද්ධය සඳහා මුදල් සෙවීමේ අරමුණින් ජාත්‍යන්තර සම්බාධක මඟහරිමින් ගමන් කළ රුසියාවේ ප්‍රබල බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඉංග්‍රීසි ඕඩයේදී (English Channel) වටලා තම භාරයට ගැනීමට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර්ගේ සෘජු නියෝගය මත මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන්.
'ස්මිර්ටෝස්' (Smyrtos) නමැති මෙම රුසියානු තෙල් නැව ජාත්‍යන්තර සම්බාධක පනවා තිබූ එකක් බව වාර්තා වනවා.
බ්‍රිතාන්‍ය රාජකීය මැරීන් කොමාන්ඩෝ භටයින් (Royal Marine Commandos), ජාතික අපරාධ ඒජන්සියේ (NCA) විශේෂ නිලධාරීන් සහ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව (RAF) එක්ව මෙම ඒකාබද්ධ මෙහෙයුම දියත් කළ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මෙහෙයුම සඳහා චිනුක් (Chinook), මෙර්ලින් (Merlin) සහ වයිල්ඩ්කැට් (Wildcat) හෙලිකොප්ටර් යානා, RAF P-8 පෝසයිඩන් ඔත්තු බැලීමේ යානයක් මෙන්ම 'HMS Sutherland' සහ 'HMS Ledbury' යන බ්‍රිතාන්‍ය යුද නැව් ද දායක වී ඇති බවද සඳහන්.
අදාල තෙල් නැව මේ වන විට එංගලන්තයේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයක නවතා ඇති බව වාර්තා වනවා.
එම නෞකාවෙන් පරිසරයට හෝ ආරක්ෂාවට හානියක් සිදුවන්නේද යන්න පිළිබඳව සහ එහි ඇති ද්‍රව්‍ය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය බලධාරීන් මේ වන විට දීර්ඝ විමර්ශන ආරම්භ කර තිබෙන බවය්ද එම මාධ්‍ය වාර්තා කරනවා.

Latest News
ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය මර්දනයට ගන්න එපා - විජයදාස රාජපක්ෂ
Local
14 June 2026
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
Local
14 June 2026
යතුරුපැදි අනතුරු දෙකකින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
14 June 2026
වත්මන් පාලනය රාජ්‍ය සේවකයා, දේශපාලඥයා මෙන්ම සමස්ත ජනතාවම මර්දනය කරමින් සිටිනවා: නාමල් රාජපක්ෂ
Local
14 June 2026
කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කඩිනම් කෙරේ
Local
14 June 2026
රුසියානු රහස් තෙල් නැවක් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ භාරයට
Local
14 June 2026
ලෝක දුම්කොළ විරෝධී දින ජාතික සැමරුම හෙට
Local
14 June 2026
ගතවූ මාස 4 තුළ අල්ලස් නඩු 13කින් පුද්ගලයින් 14ක් වැරදිකරුවන් කෙරේ: 10ක්ම රාජ්‍ය නිලධාරීන්
Local
14 June 2026
දුරකථන කේබල් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් රාගම සහ මොරටුවෙන් කොටු
Local
14 June 2026