General14 June 2026

උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ‍ය කඩිනම් කෙරේ

දිට්වා සුළි කුණාටුවෙන් නාය ගිය උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බවත් ලබන සැප්තැම්බර් මාසය වන විට එය අවසන් කිරිමට සැළසුම් කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි පවසනවා.

උඩරට දුම්රිය මාර්ගයේ කොටගල, ග්‍රේඩ්වෙස්ටන්, නානුඔය, පැරකුම්පුර සහ අඹේවෙල යන දුම්රිය ස්ථාන ආසන්නයේ ස්ථාන 5ක් දිට්වා කුණාටුවෙන් නාය යාමට ලක්වුණා.

ඉන් කොටගල, සහ තලවකැලේ 112.5 සැතපුම් කණුව අසල මීටර් 50ක කොටසක්, නානුඔය සහ අඹේවෙළ අතර නාය ගිය ස්ථානවල ප්‍රතිංස්කරණ කටයුතු පෞද්ගලික අංශයට භාර දී ඇති බවයි ඔහු පැවසුවේ.

එය දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක ඉංජිනේරුවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ අතර කොටගල සහ තලවකැලේ අතර නාය ගිය ස්ථානයේ මීටර් 50ක පමණ කොටසක් යථා තත්ත්වයට පත් කිරිමට කළු ගල් අතුරා ආරක්ෂිත පැතිබැමි ඉදි කිරිමට සැලසුම් කර ඇති අතර, එම ඉදි කිරිම් කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු සේවා සැපයුම් දුම්රියක් සහ එහි සේවකයන්ද යොදාගෙන ඇති බවයි ඔහු පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes