International15 June 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය අර්ධ වශයෙන් විවෘතයි : අමෙරිකාව සහ ඉරානය මූලික එකඟතාවන් අත්සන් කර අවසන්

මාස තුනකට අධික කාලයක් තිස්සේ මැදපෙරදිග කලාපය තුළ පැවති දැඩි යුදමය වාතාවරණය සම්පූර්ණයෙන්ම නිමා කරමින්, අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර නව සාම එකඟතාවක් (Framework Agreement) සාර්ථකව එළඹ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

දෙරට අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම වෙනුවෙන් වූ මෙම ඓතිහාසික අවබෝධතා ගිවිසුම (MoU) සඳහා ඉරානය වෙනුවෙන් එරට පාර්ලිමේන්තු කථානායක මෙන්ම ප්‍රධාන සාකච්ඡාකරු වන මොහොමඩ් බගර් ගලිබාෆ් (Mohammad Bagher Ghalibaf) දැනටමත් අත්සන් තබා ඇති බව ජ්‍යෙෂ්ඨ අමෙරිකානු පරිපාලන නිලධාරියෙකු උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ.

ජනාධිපති ඩොනල්ඩ් සඳහන් කර ඇත්තේ, මෙම නව රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවත් සමඟ ලෝක වෙළඳාමට සහ ගෝලීය බලශක්ති සැපයුමට අතිශය තීරණාත්මක වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) මේ වන විටත් අර්ධ වශයෙන් විවෘත කර ඇති බවයි.

දෙරටේ නියෝජිතයන් අතර දැනටමත් මූලික එකඟතාවන් අත්සන් කර අවසන් වුවද, මේ සඳහා වන නිල සහ රාජ්‍ය තාන්ත්‍රික අත්සන් තැබීමේ උත්සවය (Formal Signing Ceremony) එළඹෙන සිකුරාදා දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes