General16 June 2026

අපි බලයට ආවෙම ණය ගන්නවා කියලා.. ණය ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි

රට පවත්වාගෙන යානට ඕනෑම ආණ්ඩුවකට ණය ගැනීමට සිදුවන බවත් එලෙස ණය ගැනිම ගැටළුවක් නොවන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා.

මාලිමා රජය පත්වීමට පෙර සිටම සිය පාලන කාලය තුළ ණය ගැනීමට සිදුවන බව ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා පවසා සිටියා.


ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ,

"ණය ගන්නවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අපි බලයට එන්නත් ඉස්සෙල්ලා කිව්වේ අපිත් ආවහමත් ණය ගන්නවා කියලා" යනුවෙන්.

මේ අතර, විපක්ෂයෙන් එල්ල කරන දේශපාලන පලිගැනීම් පිළිබඳ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

පලිගැනීමේ අවශ්‍යතාවයක් රජයට තිබුණේ නම්, එය බලයට පත්වූ විගසම සිදු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, මේවන විට සිදුවෙමින් ඇත්තේ වසර එකහමාරක පමණ කාලයක සිට ක්‍රියාත්මක වන විධිමත් අධිකරණ ක්‍රියාවලියක් බවද අවධාරණය කළා.

යම්කිසි පුද්ගලයෙක් බන්ධනාගාරගත වන්නේ නම්, එය සිදුවන්නේ නිවැරදි අධිකරණ ක්‍රමවේදයක් හරහා මිසක් දේශපාලන පලිගැනීනක් නිසා නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes