දකුණු කැලිෆෝනියාවේ මොජාවි කාන්තාරයේ පිහිටි එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් (Edwards Air Force Base) ගුවන්ගත වීමේදී ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් B-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් (B-52 Stratofortress) වර්ගයේ බෝම්බ හෙලන යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් එහි සිටි පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගුවන් හමුදා නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, න්‍යෂ්ටික සහ සාම්ප්‍රදායික බෝම්බ රැගෙන යා හැකි පරිදි නිපදවා ඇති මෙම එන්ජින් අටේ ප්‍රහාරක යානය, ධාවන පථයෙන් ගුවන්ගත වූ සැනින්ම මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
යානයේ ගමන් කළ පුද්ගලයින් 8 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් රජයේ සිවිල් නිලධාරීන්, කොන්ත්‍රාත්කරුවන් සහ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත මිශ්‍ර කණ්ඩායමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
යානය රේඩාර් නවීකරණ වැඩසටහනකට අදාළ සාමාන්‍ය පරීක්ෂණ පියාසර කිරීමක් සඳහා සූදානම් වෙමින් තිබී ඇති අතර, අනතුර සිදුවූ ස්ථානයේ ගුවන් දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු, ගුවන් හමුදා කර්නල් ජේම්ස් හේස් ප්‍රකාශ කර ඇත්තේ, යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, කිසිවෙකුටවත් දිවි බේරා ගැනීමට අවස්ථාවක් ලැබී නොමැති බවයි.
මූලාශ්‍රය - රොයිටර්ස්

Latest News
වසරකට දෙවරක් වේලාව වෙනස් කිරීම නැවැත්වීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය
Local
15 July 2026
මීගමුව බන්ධනාගාරයේ දොර කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමකට මාරුවක්
Local
15 July 2026
කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ
Local
15 July 2026
ස්පාඤ්ඤය වසර 16කට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
15 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
15 July 2026
ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
Local
15 July 2026
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
15 July 2026
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
Local
15 July 2026
ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
14 July 2026
ඉරාන නෞකා සහ භාණ්ඩ ඉලක්ක කරමින් අමෙරිකාවෙන් පූර්ණ නාවික අවහිරතාවක්
Local
14 July 2026