General16 June 2026

හිරු නැවතත් සම්මානයට පාත්‍රවෙයි! SLASSCOM National Ingenuity Awards 2026 හිදී ජාතික හා පළාත් සම්මාන

SLASSCOM National Ingenuity Awards 2026 සම්මාන උලෙලේත් හිරු මාධ්‍ය ජාලය සිය විශිෂ්ටත්වය සනිටුහන් කිරීමට සමත් වුණා.

එහි දී මෘදුකාංග නවෝත්පාදන තාක්ෂණය සහිත හොඳම "AI" බලගැන්වූ රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයට හිමි ජාතික සම්මානය හිරු ටීවී විසින් දිනා ගනු ලැබුවා.

ඊට අමතරව එම අංශයේ පළාත් සම්මානය ද දිනා ගැනීමට සමත්වූයේ කවදත් සිය විශිෂ්ටත්වය තහවුරු කරන හිරු මාධ්‍ය ජාලය වීමත් විශේෂත්වයක්.

තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන මෙම සම්මාන උලෙළේ දී සම්මානයට පාත්‍ර වූ එකම මාධ්‍ය ආයතනය බවට පත් වීමටත් හිරුට හැකියාව ලැබුණා.
Related recommendation
Hiru TV News | Programmes