General16 June 2026

හැකරුන් අතට ගිය ඩොලර් ගැන තාම අපි හොයනවා - ඇමති නලින්ද

විදේශ ගෙවීම්වලදී සිදුවූ ඩොලර් සොරකම් ගැන තවමත් විමර්ශන සිදුකෙරෙමින් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හැකරුන් අතට ගිය ඩොලර් මිලියන 2.5 ගැන මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

එම සිදුවීම් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තාකර ඇති බවත් පරිගණක අපරාධ පිළිබඳ සොයන සියළුම අංශ පරීක්ෂා කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම, මහ බැංකුව සහ අදාල ආයතනත් හැකරුන් සොරකම් කළ ඩොලර් පිළිබඳව සොයා බලමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes