General16 June 2026

සලේට ජීවිත හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි - මාලිමා මන්ත්‍රී සුරවීර

සුරේෂ් සලේට ජීවිත හානියක් සිදුවීමේ ඉඩකඩ ඉතා අඩු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමෙර්න්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසනවා.

සලේට ජීවිත අවදානමක් තිබේදැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළා.

පාස්කු ප්‍රහාරකයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම සමාජයේ ඉල්ලුමක් බවත් එම කටයුත්ත මාලිමා රජය සිදුකරමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසා සිටියා.

එලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලික පලිගැනීම් හෝ දේශපාලනික පලිගැනීම් අදාල කර නොගන්නා බවයි මාලිමා මන්ත්‍රී සුරවීර වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes