General18 June 2026

තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයේ තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය ඝාතනයක් බවට සැක

අම්පාර ප්‍රදේශයේ රෝහලක සේවයේ නිරතව සිට දැනට සේවයෙන් ඉවත්ව සිටින භෞත චිකිස්සකවරියකගේ මළ සිරුරක් තෙල්දෙණිය රෝහල ආසන්නයේ පිහිටි රථ ගාලක මෝටර් රථයක් තුළ තිබී සොයා ගැනීමේ සිද්ධිය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරනවා.

මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට ඊයේ (17) පස්වරුවේ තෙල්දෙණිය පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව මෙම මළ සිරුර සොයාගත් අතර මෙලෙස මියගොස් ඇත්තේ, වැලිගම - කුරුඳු කොරටුව - පලල්ල යන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක්.

මෙම කාන්තාව සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමග නුවරඑළිය ප්‍රදේශයේ නාවාතැන් පොළකට පෙරේදා පැමිණ ඇති බව විමර්ශනවලදී හෙළිව ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

පසුව පෙම්වතා එම කාන්තාවගේ මළ සිරුර එදිනම රාත්‍රියේ මෝටර් රථයක දමා ඊයේ උදෑසන තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙන එන්නට ඇති බවට සැකකරන බවයි පොලිසිය තවදුරටත් කියා සිටියේ.

පසුව පෙම්වතා විසින්ම තෙල්දෙණිය පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මේ බව දැනුම් දී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සදහක් කළේ, ඇගේ පෙම්වතා බවට පැවසෙන පුද්ගලයා ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි.

කෙසේ වෙතත් මේ දක්වා ඔහු අත්අඩංගුවට ගෙන නැහැ.
Related recommendation
Hiru TV News | Programmes