General19 June 2026

අම්බලන්ගොඩ ආශ්‍රිතව හෙට විශේෂ රථවාහන සැලැස්මක්

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහරක් වීථි සංචාරය කිරීම හේතුවෙන් හෙට (20) ඒ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

පොලිසිය සඳහන් කළේ හෙට දහවල් 2.00 සිට රාත්‍රී 10.00 දක්වා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ ආශ්‍රිතව මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි.

පෙරහර ඌරවත්ත මංසංධියෙන් ආරම්භ වී ගාලුපාර ඔස්සේ ගමන් කොට, හිරේවත්ත බුදු පිළිමය අසලින් මහවීදිය ඔස්සේ අම්බලන්ගොඩ නගරය දක්වා ගමන් කිරීමට නියමිතයි.

පසුව එම මංසන්ධියෙන්ම පෙරහර යළි ඌරවත්ත ප්‍රදේශය වෙත ගමන් කරන බැවින් අදාළ කාල සීමාව තුළ ගාලු පාරේ ගමන් කරන පිරිස් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes