General19 June 2026

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා අයදුම්කරුවන් 451,463දෙනෙකු පෙනී සිටියා.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකියි.

එමෙන්ම, අයදුම්කරුවන් සඳහා https://onlineexams.gov.lk/eic සබැඳියට පිවිස, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කර ගැනීමට හෝ නිරීක්ෂණය කිරීමට හෙට (20) දින සිට පහසුකම් සලසා තිබෙනවා.

විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපද (Password) භාවිත කර https://onlineexams.gov.lk/eic වෙත පිවිස, තම පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගත හැකි බවයි එම නිවේදනයේ සඳහන්.

ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට 2026 ජූනි මස 25 වන දින සිට 2026 ජූලි මස 08 වන දින දක්වා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ මාර්ගගතව (Online) අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවත් එම නිවේදනයේ දැන්ක්වෙනවා.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් පවතින්නේ නම් පහත දුරකථන අංක හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගැනීමටද විභාග දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබෙනවා.

ක්ෂණික ඇමතුම් අංකය: 1911

දුරකථන අංක: 0112785922, 0112784537, 0112786616, 0112784208

ෆැක්ස් අංකය: 0112784422

විද්‍යුත් තැපෑල (Email): [email protected]

මෙතැනින් ප්‍රතිඵල පරීක්ෂා කරන්න (Click)



Related recommendation
Hiru TV News | Programmes