ප්‍රංශයේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි ටොම්බ්ලේන් (Tomblaine) නගරයේදී පැරෂුට් පැනීමේ (Skydiving) නිරතව සිටි පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය පිරිස අතර යානයේ ගුවන් නියමුවා, පැරෂුට් උපදේශකයන් 5 දෙනෙකු සහ සිසුන් 5 දෙනෙකු වන බව Meurthe-et-Moselle කලාපයේ ප්‍රාදේශීය ප්‍රධානී ඊව්ස් සේගුයි (Yves Seguy) මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
යානය කඩා වැටුණු වහාම සහන සේවා කණ්ඩායම් සහ ආරක්ෂක අංශ එම ස්ථානයට ළඟා වී ඇති අතර, අනතුර ඇසින් දුටුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ද මේ වන විට ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
හදිසි සහන සේවා කණ්ඩායම්වලට සහ නීති බලාත්මක කරන නිලධාරීන්ට බාධාවකින් තොරව අනතුර සිදු වූ ස්ථානයට ප්‍රවේශ වීම සඳහා ටොම්බ්ලේන් ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට පැමිණීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසයි ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ.

Latest News
එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
Local
28 June 2026
සූපවේදීන්ගේ ලෝක මට්ටමේ තරගයකදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
Local
28 June 2026
ප්‍රංශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට
Local
28 June 2026
සෞදි අරාබියේදී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: 14ක් මරුට
Local
28 June 2026
සර්බියානු ජනපති ඉල්ලා අස්වීමට තීරණය කරයි
Local
28 June 2026
දැඩි උෂ්ණත්වය හේතුවෙන් ප්‍රංශයේ පුද්ගලයින් 1,000ක් අකාලයේ ජීවිතක්ෂයට
Local
28 June 2026
සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉල්ලා අස්වීමට සැරසෙයි
Local
28 June 2026
අද සිට ජූනි 30 දක්වා මත්පැන්සල් වැසේ: අනුරාධපුරයේ කොට්ඨාශ 4කට විශේෂ නියෝගයක්
Local
28 June 2026
පොහොයට මස් විකුණන්න ගිය ගව ඝාතකාගාරයක් වටලයි
Local
28 June 2026
හිරු ශ්රද්ධාභිවන්ඳනා වැඩසටහන හෙට ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
28 June 2026