International28 June 2026

ප්‍රංශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට

ප්‍රංශයේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි ටොම්බ්ලේන් (Tomblaine) නගරයේදී පැරෂුට් පැනීමේ (Skydiving) නිරතව සිටි පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පිරිස අතර යානයේ ගුවන් නියමුවා, පැරෂුට් උපදේශකයන් 5 දෙනෙකු සහ සිසුන් 5 දෙනෙකු වන බව Meurthe-et-Moselle කලාපයේ ප්‍රාදේශීය ප්‍රධානී ඊව්ස් සේගුයි (Yves Seguy) මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

යානය කඩා වැටුණු වහාම සහන සේවා කණ්ඩායම් සහ ආරක්ෂක අංශ එම ස්ථානයට ළඟා වී ඇති අතර, අනතුර ඇසින් දුටුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ද මේ වන විට ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

හදිසි සහන සේවා කණ්ඩායම්වලට සහ නීති බලාත්මක කරන නිලධාරීන්ට බාධාවකින් තොරව අනතුර සිදු වූ ස්ථානයට ප්‍රවේශ වීම සඳහා ටොම්බ්ලේන් ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට පැමිණීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසයි ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes