General28 June 2026

යටියන්තොට රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්

රාජකාරි කටයුතු සඳහා ලබාගත් සේවා ගිනි අවිය (පිස්තෝලය) සහ උණ්ඩ 10ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා (OIC) එළැඹෙන ජුනි 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය ජුනි 26 වැනිදා අදාළ ස්ථානාධිපතිවරයා රාජකාරි කටයුතු සඳහා පිටත්ව යාමේදී, ඔහු වෙත නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, රාජකාරිය නිමවීමෙන් පසු ඔහු විසින් එම ගිනි අවිය සහ උණ්ඩ නැවත භාර දී නොමැති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

රාජකාරි ගිනි අවිය අස්ථානගත වීම පිළිබඳව මතු වූ බරපතළ තත්ත්වය සලකා බලමින්, ඊයේ (27) දිනයේදී සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකාර ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අස්ථානගත වූ ගිනි අවිය සහ උණ්ඩ සොයා ගැනීම සඳහා සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් කණ්ඩායම් කිහිපයක් යොදවා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes