අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් පසුබිම් කරගනිමින්, පසුගිය සති අන්තයේ පර්සියානු ගල්ෆ් කලාපය හරහා ඉරානය සහ එක්සත් ජනපදය අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රහාර එල්ල කරගත් අතර, මේ වන විට දෙපාර්ශවයම එකිනෙකාට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට සහ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පවතින ආරවුල විසඳා ගැනීම සඳහා අඟහරුවාදා දිනයේදී කටාර් රාජ්‍යයේ අගනුවරදී හමුවීමට එකඟ වී ඇති බව වාර්තා වෙනවා.
හෝමුස් සමුද්‍ර සන්ධියේ වාණිජ නැව් ප්‍රහාරවලට ලක්වීමත් සමඟ ටෙහෙරානය සහ වොෂින්ටනය අතර නොසන්සුන්තාවය උග්‍ර වුණා.
වාණිජ නැව් ගමනාගමනයට එල්ල වන අඛණ්ඩ තර්ජන සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඉරානයට චෝදනා කළ අතර ඉරාන හමුදා කඳවුරුවලට බෝම්බ ප්‍රහාර එල්ල කළා.
ඉරානය මුල් ප්‍රහාරයේ වගකීම ප්‍රතික්ෂේප කළ නමුත්, කුවේට් සහ බහරේන් යන රටවල පිහිටි ඇමරිකානු හමුදා පහසුකම් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපද ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබුවා.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) ප්‍රකාශ කළේ මෑතකදී එල්ල වූ එක්සත් ජනපද ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය මෙන්ම අවබෝධතා ගිවිසුම ද උල්ලංඝනය කිරීමක් බවයි.
කෙසේ වෙතත්, ප්‍රහාර නතර කිරීමට සහ මෙම ගැටලුව විසඳීම සඳහා අඟහරුවාදා කටාර්හිදී හමුවීමට දෙපාර්ශවය අවසානයේ එකඟ වී තිබෙනවා.

Latest News
පානීය ජල ව්‍යාපාරයක මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර සුරා ජාවාරමක් වටලා 06ක් අත්අඩංගුවට
Local
29 June 2026
අධි ධාරිතා යතුරුපැදියක් සමග මත් ජාවාරම්කරුවෙක් කොටුවෙයි
Local
29 June 2026
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්රෙහෝගේ බිරිඳට, දියණියට සහ පුතුට දිවි අහිමි වෙයි
Local
29 June 2026
බදුල්ලේ ග්‍රීස් දන්සැල
Local
29 June 2026
නැදුන්ගමුවේ හස්තිරාජයා සහ සිරිපා අනුරූ ප්‍රදර්ශනයට
Local
29 June 2026
තිරප්පනේ කාර්මික සේවා දන්සැලක්
Local
29 June 2026
එක්සත් ජනපදය සහ ඉරානය ප්‍රහාර නතර කර කටාර්හිදී සාකච්ඡා කිරීමට එකඟ වෙයි
Local
29 June 2026
දිවයින පුරා දන්සල් 18,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කරයි : PHIගේ සංගමය
Local
29 June 2026
වැල්ලවායේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ
Local
29 June 2026