General29 June 2026

රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට

ඊයේ දිනයේ සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාතලේ - කුරුණෑගල මාර්ගයේ කුඩා ඔය පාලම අසල ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් 29 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම, හෙට්ටිපොල - වස්ගමුව මාර්ගයේ 42 කිලෝමීටර කණුව අසලදී යතුරුපැදියක් පෙරලී සිදුවූ තවත් අනතුරකින් 18 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.

මේ අතර, පාදෙණිය - අනුරාධපුර මාර්ගයේදී ත්‍රිරෝද රථයක ගැටී 65 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර වෙන්කල්අඩි මාර්ගයේ යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ තවත් අනතුරකින් 26 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


Related recommendation
Hiru TV News | Programmes