General03 July 2026

හෙට කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (04) සෙනසුරාදා පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව හා පිළියන්දල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවන බැවින් සහ ඊට සමගාමීව දෙහිවල ජල පොම්පාගාරය හා මාළිගාවත්ත එළි හවුස් පොම්පාගාරය ආශ්‍රිතව සිදු කෙරෙන විදුලි බල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් වන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව පළ කරනවා.
Related recommendation
Hiru TV News | Programmes