International04 July 2026

ජනපති ට්‍රම්ප් 11 දෙනෙකුට ජනාධිපති සමාව දෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පුද්ගලයින් 11 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා.

ඔවුන්ගෙන් බහුතරයක් "ස්වේච්ඡා වායු පනත" උල්ලංඝනය කිරීමේ චෝදනා මත දඬුවම් ලබා සිටි අය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම පුද්ගලයින් 11 දෙනාගෙන් 9 දෙනෙකුම වරදකරුවන් වී තිබුණේ වාහනවල විමෝචන පාලන පද්ධති අලෙවි කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ජනපති ට්‍රම්ප් සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සදහන් කර සිටියේ, මෙම පුද්ගලයින් හිටපු ජනාධිපති ජෝ බයිඩන් පාලන සමයේදී තමන්ගේම වාහන "අලුත්වැඩියා කිරීමේ" වරදට "පීඩාවට" ලක් වූවන් බවයි.‍
Related recommendation
Hiru TV News | Programmes