General09 July 2026

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ඉන්දී‍යානුවෙකුත් මිය ගිහින්

ඉකුත් දා මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ගැටුම අතරතුර මියගිය රැඳවියන් අතර ඉන්දීය ජාතිකයෙකු ද සිටින නව ‘ද හින්දු’ (The Hindu) වෙබ් අඩවිය වාර්තා කරනවා.

කොළඹ මූලික කරගත් සිය නිල ආරංචි මාර්ග තහවුරු කර දක්වමින් ‘ද හින්දු’ (The Hindu) වාර්තා කරන්නේ මරණකරු 73 හැවිරිදි උන්නික්‍රිෂ්ණන් එස්. (Unnikrishnan S.) නමැති අයෙකු ලෙසයි.

එම පුවත් වාර්තාව සඳහන් කරන්නේ, මෙම ඉන්දීය ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැතත්, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය දූත මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත රාජ්‍ය තාන්ත්‍රික නිවේදනයක් (Note Verbale) යොමු කර ඇති බවයි.

මීට අමතරව, මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ජාතිකයන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරන බව ‘ද හින්දු’ වැඩිදුරටත් වාර්තා කරනවා.

මියගිය ඉන්දීය ජාතිකයාට එරෙහිව පැවති චෝදනා සහ මීගමුව බන්ධනාගාරයෙන් මාරුකර යැවූ සමස්ත ඉන්දීය රැඳවියන් සංඛ්‍යාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ‘ද හින්දු’ පුවත්පත ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් විමසීම් කර ඇතත්, මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නැති බව එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes