ඉකුත් දා මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ගැටුම අතරතුර මියගිය රැඳවියන් අතර ඉන්දීය ජාතිකයෙකු ද සිටින නව ‘ද හින්දු’ (The Hindu) වෙබ් අඩවිය වාර්තා කරනවා.
කොළඹ මූලික කරගත් සිය නිල ආරංචි මාර්ග තහවුරු කර දක්වමින් ‘ද හින්දු’ (The Hindu) වාර්තා කරන්නේ මරණකරු 73 හැවිරිදි උන්නික්‍රිෂ්ණන් එස්. (Unnikrishnan S.) නමැති අයෙකු ලෙසයි.
එම පුවත් වාර්තාව සඳහන් කරන්නේ, මෙම ඉන්දීය ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැතත්, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය දූත මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත රාජ්‍ය තාන්ත්‍රික නිවේදනයක් (Note Verbale) යොමු කර ඇති බවයි.
මීට අමතරව, මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ජාතිකයන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරන බව ‘ද හින්දු’ වැඩිදුරටත් වාර්තා කරනවා.
මියගිය ඉන්දීය ජාතිකයාට එරෙහිව පැවති චෝදනා සහ මීගමුව බන්ධනාගාරයෙන් මාරුකර යැවූ සමස්ත ඉන්දීය රැඳවියන් සංඛ්‍යාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ‘ද හින්දු’ පුවත්පත ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් විමසීම් කර ඇතත්, මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නැති බව එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.

Latest News
මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට
Local
09 July 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
09 July 2026
පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්
Local
09 July 2026
දකුණු ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයින් 8ක් මරුට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ඉන්දීයානුවෙකුත් මිය ගිහින්
Local
09 July 2026
ගොවි සංවිධාන නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙයි
Local
08 July 2026
දක්ෂතම ආධුනික පොලිස් රියැදුරා අනතුරකින් මරුට
Local
08 July 2026
ළමයින්ගේ සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය
Local
08 July 2026
යල කන්නයේ වී මිලදී ගැනීම් ජූලි 15 ඇරඹේ
Local
08 July 2026
බන්ධනාගාරයෙන් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන: කප්පම් ජාලයක් පොලිසියෙන් අල්ලයි
Local
08 July 2026