General09 July 2026

ඩෙංගු නිසා කොළඹ සරසවියේ සියලු දේශන හෙට සිට 15 දක්වා ඔන්ලයින් ක්‍රමයට

ඩෙංගු ව්‍යාප්තිය හමුවේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු හෙට සිට ලබන 15 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට සරසවි පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ශිෂ්‍ය නේවාසිකාගාර විවෘතව පවතිනු ඇති.

පසුගිය දින කිහිපය තුළ විශ්වවිද්‍යාලයේ දූමාන කටයුතු සිදු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ඩෙංගු ව්‍යාප්තිය හමුවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සහ මොරටු විශ්වවිද්‍යාලය ද මීට පෙර වසා දැමීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු මේ මස 13 වැනිදා සහ මොරටුව විශ්වවිද්‍යාලය මේ මස 21 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes