වර්තමානයේදී ගොවීන්ට දුක් මහන්සියෙන් නෙලා ගත් අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසනවා.
මන්ත්‍රීවරයා මේ පිළිබඳව පවසා සිටියේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (09) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.
ආණ්ඩුව පැලැස්තර විසදුම් ලබා දෙනවා මිසක ස්ථිර විසදුමක් මේ වනතුරු ලබාදී නොමැති බවයි මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
‘‘රටේ සමස්ථ ගොවි ජනතාව අසරණභාවයට පත්ව තිබෙනවා. ඒ වගේම දුක් මහන්සියෙන් නෙලා ගත් අස්වැන්න ගොවීන්ට අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. ආණ්ඩුව මේ සඳහා පැලැස්තර විසදුම් ලබා දෙනවා මිසක ස්ථිර විසදුමක් මේ වනතුරු ලබාදීලා නැහැ.
ඒ වගේම කන්න තුනක් ක්‍රියාත්මක කළ වී මිල මෙවරත් ගොවීන්ට ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ වගේම ගොවි ජනතාව අසරණභාවයට පත් කර , ණයකරුවන් බවට පත් කර ගොවි පවුල් විනාශ වන තත්ත්වයට පත් කිරීම සාධාරණ නැහැ. කෙසේ නමුත් ගොවීන්ට අස්වැන්න නෙලා ගැනීමට වැයවුණ පිරිවැය ආවරණය කිරීම සඳහා අස්වැන්නට සහතික මිලක් නියම කිරීම හෝ වන්දි මුදලක් ලබාදීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. නමුත් ආණ්ඩුවට එවැනි කිසිදු සැලසුමක් නැහැ.
ඒ වගේම මෙම අර්බුදය විසඳීමට ආණ්ඩුව වී මිලදී ගැනීම සඳහා මිලක් නියම කිරීම පමණක් සිදුකර තිබෙනවා. කෙසේ නමුත් මිල නියම කළ පමණින් වෙළඳපොලෙන් වී එම මිලට ලබාගැනීමට හැකියාවක් තිබේදැයි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම ගබඩා තවම හිස් කරලා නැහැ. ඒ නිසා අස්වැන්න ගබඩා කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම අස්වැන්න මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් තවම නිදහස් කරලත් නැහැ. ඒ වගේම රජය සතුව ගබඩා පහසුකම් නොමැති නිසා ගොවීන්ට අස්වැන්න ගබඩා කර තබාගන්නා ලෙස රජය ඉල්ලා සිටියා. නමුත් ගොවීන්ට ඉතාම සුළු මුදලකට තමන්ගේ අස්වැන්න විකුණන්න සිදුවෙලා තිබෙනවා.
ඒ වගේම වර්තමාන රජය පිටරටින් සහල් ආනයනය කිරීම හේතුවෙන් ගොවීන්ගේ අස්වැන්නට නිසි මිලක් වෙළඳපොල තුළ නැහැ. කෙසේ නමුත් ගොවි ජනතාව සමඟ සිටි පිරිස බලයට පැමිණි පසු ගොවී ජනතාව අන්ත අසරණභාවයට පත් කරන්න අද වනවිට කටයුතු කර තිබෙනවා. ඒ වගේම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවී පර්යේෂණ ආයතනයෙන් ලබා දුන්න මිල ගැන පමණයි ආණ්ඩුව කතා කළේ. නමුත් අද එම ආයතනය ලබාදුන්න මිල ගණන් කෙරෙහි අවදානය යොමු නොකර ආණ්ඩුව විසින් මිලක් නියම කර තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව එම මිල ගණන් සාදා ගත්තේ කෙසේ දැයි පැහැදිලි කළ යුතුයි. කෙසේ නමුත් සැබැ ගොවීන්ගේ පිරිවැය ගණනය කර හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනය නියම කළ මිලට පයින් ගසා ආණ්ඩුවට ගැති ගොවීන් සකස් කළ පිරිවැය ලේඛනයක් ඉදිරිපත් කර තිබෙනවා. සැබැ ගොවීන්ට සාධාරණයක් ඉටු නොකළහොත් ආණ්ඩුවට අනාගතයේදී විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදුවේවි.
ඒ වගේම හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනය වී කිලෝවක මිල රුපියල් 137 ලෙස ගණනය කර තිබෙනවා. නමුත් ගොවීන් රුපියල් 140 ක් සහතික මිලක් ඉල්ලා සිටිනවා. රාජ්‍ය ආයතනයකින් ගණනය කළ මිලවත් ආණ්ඩුවට ලබාදෙන්න කටයුතු කළ යුතුයි. මේ කන්නයේදී රුපියල් 137 කට වී මිලදී ගෙන මහ කන්නයේදී නිසි ක්‍රමවේදයක් සකස් කර ගොවීයාත් පාරිභෝගිකයාත් රැක ගන්න ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
ඒ වගේම මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවුණ සිද්ධියෙන් පසු රෝහල්ගත කර සිටි බන්ධනාගාර නිලධාරියෙක් මියගොස් තිබෙනවා. ඒ වගේම තවත් නිලධාරින් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට තොරුතුරු වර්තා වෙනවා. මෙම නිලධාරීන්ගේ වගේම සමස්ථ බන්ධනාගාර පද්ධයේම සිටින නිලධාරීන්ගේ ජිවිත අවදානම් තත්ත්වයකට මේ වනවිට පත්ව තිබෙනවා. ඒ වගේම රජය භාරයේ සිටින රැඳවියන්ගේ ජිවිත නැති වීම සම්බන්ධයෙන් වර්තමාන රජය සෘජුවම වගකිව යුතුයි. රැදවියන්ගේ ජිවිතවල වගකිම පවතින රජය සතු බව වර්තමාන ජනාධිපති අනුර දිසානායක විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටි කාලයේදී ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් මීගමුව බන්ධනාගාරයේ ඇතිවුණ සිද්ධියෙන් බන්ධනාගාර නිලදාරීන්ගේ සහ රැඳවියන්ගේ ජිවිත අහිමි වුණේ ආණ්ඩුවේ නොහැකියාව නිසයි.
ඒ වගේම බන්ධනාගාරවල තිබෙන අඩුපාඩු පියවන්න තවත් කාලයක් ගතවන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. නමුත් ජාතික ජනබලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ බලය ලබාගෙන වසර දෙකකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. මෙම පිරිස පසුගිය ආණ්ඩුවලට යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න සති දෙකක කාලයක්වත් ලබා දෙන්න කටයුතු කළේ නැහැ. එලෙස පැවැති ආණ්ඩුවලට දෝෂාරෝපණය කළ පිරිසට අවුරුදු දෙකක කාලායක් ගතවෙලත් කිසිවක් කර ගන්න හැකියාවක් ලැබිලා නැහැ. මොවුන් ඉතිහාසය පුරාම ජනතාව මුලාවට පත් කිරිම පමණක් සිදුකර තිබෙනවා.
ඒ වගේම බන්ධානාගර තුළ රැඳවියන්ට පහසුවෙන් ලඟාවිය හැකි ස්ථානයක ආයුධ ගබඩාව ස්ථාපනය නොකර රැදවියන්ට ලඟා විමට නොහැකි ස්ථානයට ආයුධ ගබඩා කර තැබුවානම් මීගමුව බන්ධනාගාර සිද්ධිය වළක්වා ගන්න හැකියාවක් තිබුණා. ඒ වගේම මීගමුව බන්ධනාගාර තුළ තිබුණ ඖෂධ ගබඩාවටත් රැඳවියන් පහර දී තිබෙනවා. මෙම ඖෂධ ගබඩාවත් රැඳවියන් සිටින ප්‍රදේශයේන් පිටත ස්ථානගත කරන්න බන්ධනාගාර නිලධාරීන්ට කටයුතු කරන්න තිබුණා. එසේනම් මෙවැනි අර්බුදයක් පැන නගින්නේ නැහැ. ඒ වගේම බන්ධනාගාරයේ උසස් නිලධාරීන් ගත් තීන්දුවල ප්‍රශ්නයක් තිබෙන බවත් මෙම සිදුවීමෙදී පැහැදිලි වී තිබෙනවා. ඒ වගේම බන්ධනාගාරය තුළින් පැමිණෙන බුද්ධි තොරතුරු පිළිබඳවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම ලැබුණ බුද්ධි තොරතුරු පිළිබඳව නිසි අවදානයක් යොමු නොකරීමත් මෙම ගැටුම උග්‍ර වීමට බලපා තිබෙනවා.
ඒ වගේම ගැටුම ඇතිවී දෙවන දිනයේදී බන්ධනාගාර රෝහලට සිදුවුණ හානිය ගණනය කරන්න නිලධාරීනියන් පිරිසක් බන්ධනාගාරය තුළට ගොස් තිබෙනවා. අවදානම් සහිත කලාපයට මෙම නිලධාරිනියන් යැවීමේදී ඒ පිළිබඳව නිසි අවදානයක් යොමු කරලා නැහැ. එම නිලධාරීනියන් ආරක්ෂිතව පිටතට රැගෙන එන්නේ කෙසේද යන්න බන්ධානාගාර නිලධාරීන් අවදානය යොමු කරලා නැහැ.
ඒ වගේම රැඳවියන්ට වෙඩි තියන්න ඉහළ නියෝගය ලබා දුන්න පුද්ගලයා මිනිස් ජිවතවල වටිනාකම නොදන්නා පුද්ගලයෙක්. ලක්ෂයක් මරලා හෝ බලය රැක ගන්න දේශපාලනය කරන්න පිරිසක් අද බලයේ රැඳි සිටිනවා. බලය ගන්න ඉතිහාසයෙත් ඝාතන සිදුකළ පිරිසක් රටේ බලය ලබාගෙන තිබෙනවා. ඔවුන් බලය රැක ගන්න ජනතාවගේ ජිවිත බිල්ලට දෙන තත්ත්යක් උදා වෙලා තිබෙනවා. ඒ වගේම බන්ධනාගාර විෂය භාර ඇමැතිවරයා විශාල රංඟයනයක නිරත වෙනවා. නිසි වේලාවේදී ඔහු තින්දු තිරණ නොගැනීම නිසයි මෙතරම් විනාශයක් සිදුවුණේ.
ඒ වගේම මෙම සිද්ධියට පසුගිය ආණ්ඩු වගකිව යුතු බව ආණ්ඩුව පාර්ශ්වය ප්‍රකාශ කරනු ලබනවා. කෙසේ නමුත් පසුගිය ආණ්ඩු සිදුනොකළ දේවල් සිදුකර ක්‍රමයේ වෙනසක් ඇති කරන බවයි ආණ්ඩුව ජනතාවට ප්‍රකාශ කළේ. ඒ වගේම බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් පිළිබඳව පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් විමසුවා. නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීමට ආණ්ඩුව කටයුතු කළේ නැහැ. කෙසේ නමුත් බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව මීට වඩා සොයා බැලිය යුතුයි. ඒ වගේම ඔවුන්ගේ වැටුප් සහ දීමනා වැඩි කරන්න කටයුතු කරලා නැහැ.
ඒ වගේම මීගමුව බන්ධනාගාර සිද්ධිය සිදුවන අවස්ථාවේ විෂය භාර ඇමැතිවරයා සම්බන්ධ කරගන්න නොහැකි වී තිබෙනවා. ඒ වගේම මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳව ඇමැතිවරයාට නිසි තොරතුරු ලැබිලා නැහැ. ආණ්ඩුවේ පරිපාලනයේ බිඳවැටීම මේ හරහා හොඳින්ම පැහැදිලි වෙනවා.‘‘

Latest News
ජනප්‍රිය ගායනශිල්පී බොනී ටයිලර් අභාවප්‍රාප්ත වෙයි
Local
09 July 2026
විමල් ගේ "නැත්ත වෙනුවට ඇත්ත" ට එරෙහි වාරණය ඉවතට - ටිල්වින්ට මිලියනයක වන්දියක්
Local
09 July 2026
කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියගේ ජංගම දුරකතනය CIDයට ලබා දෙන්න නියෝග
Local
09 July 2026
රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700කට අධික මුදලක් වංචා කළ පුද්ගලයා යළිත් රිමාන්ඩ්
Local
09 July 2026
බාවි තායිවානයට - අවදානයෙන් සිටින්නැයි උපදෙස්
Local
09 July 2026
ගෙවුණු සතිය තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 50කට ලක්ෂ හයක දඩ
Local
09 July 2026
''ගොවි ජනතාව අන්ත අසරණයි- ආණ්ඩුව දෙන්නේ පැලැස්තර විසඳුම්'' - මන්ත්‍රී රෝහණ බණ්ඩාර
Local
09 July 2026
නුවරඑළිය භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු, හිටපු OIC ඇතුළු සිව්දෙනා 16 දක්වා යළි රිමාන්ඩ්
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරය රැඳවියන්ට නුසුදුසු බව බන්ධනාගාර පරිපාලනය තීරණය කරයි
Local
09 July 2026
ඉන්දුනීසියාවට බ්‍රාමෝස් සහ ඇස්ට්‍රා මිසයිල සැපයීමට ඉන්දියාව සැරසෙයි: ඩොලර් මිලියන 630ක දැවැන්ත ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම්
Local
09 July 2026