General09 July 2026

බාවි තායිවානයට - අවදානයෙන් සිටින්නැයි උපදෙස්

පැයට කිලෝමීටර 200ක පමණ ප්‍රබලත්වයෙන් යුතු 'බාවි' සුළි කුණාටුවේ බලපෑම් එල්ල විය හැකි බැවින් සූදානම්ව සිටින ‍ලෙසට තායිවාන බලධාරින් එරට ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

2024 වසරෙන් පසු ආසියා-පැසිෆික් කලාපයට බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය විය හැකි අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් චීනය, ජපානය සහ තායිවානයට මෙවැනි විනාශකාරී කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව අවශ්‍ය ආහාර, විදුලි පන්දම් ඇතුළු හදිසි ආපදා බෑගයක් සූදානම් කර තබා ගන්නා ලෙසට තායිවාන බලධාරින් එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes