පසුගිය පෙබරවාරි 28 වැනිදා එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ ඉරානයේ උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei)ගේ මරණයෙන් සතියකට පසු, එනම් මාර්තු මාසයේදී ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කරන ලද කමේනිගේ පුත් මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තවමත් ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැත.
ජාත්‍යන්තර වාර්තාවලට අනුව, පියා මියගිය පෙබරවාරි 28 ප්‍රහාරයෙන් මොජ්තබා ද දැඩි ලෙස තුවාල ලබා ඇති අතර, ඔහුගේ මුහුණට සහ අත්පාවලට බරපතළ හානි සිදුවී තිබෙනවා.
ඔහු මේ වන විට සුවය ලබමින් සිටින නමුත් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බවත්, තවත් අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම මත ආරක්ෂක අංශ ඔහුව දැඩි රහසිගත ස්ථානයක රඳවා තබා ඇති බවත් වාර්තා වෙනවා.
1989 වසරේ සිට වසර 37ක් පුරා ඉරානය පාලනය කළ ආයතුල්ලා අලි කමේනිගේ අභාවය ඉරානයට තීරණාත්මක සන්ධිස්ථානයක්.
ඔහුගේ පාලන කාලය තුළ දේශපාලන, ආර්ථික සහ මිලිටරි බලය තනි ඒකාධිකාරයක් ලෙස ගොඩනැඟූ අතර, එය රට තුළ දැඩි මතභේදයට ලක්වුණා.
විශේෂයෙන්ම මෑත මාස කිහිපය තුළ ආර්ථික බිඳවැටීම්වලට එරෙහිව රට තුළ හටගත් දැවැන්ත මහජන විරෝධතා ආරක්ෂක අංශ ලවා දරුණු ලෙස මර්දනය කිරීමට ඔහු පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත්, නව නායක මොජ්තබා කමේනි පත් කර ඇත්තේ ඉරානයේ බලගතු 'ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ' (IRGC) පූර්ණ අනුග්‍රහය ඇතිව බැවින්, ඉදිරියටත් ඉරානයේ උපායමාර්ගික බලය එම බලකාය සතු වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසනවා.

Latest News
සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් 17 වනදා කැඳවීමට නියෝග
Local
10 July 2026
ඉන්දියාව සහ ජපානය එක්ව රේඩාර් ඇස් රවටන නව නාවික තාක්ෂණයක් නිපදවයි
Local
10 July 2026
ඉරානයේ නව උත්තරීතර නායක කමෙනී පුත්‍රයා තවමත් සැඟවෙලා: තුවාල වී ඇති බවටත් වාර්තා
Local
10 July 2026
පුටින් සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි
Local
10 July 2026
ස්පාඤ්ඤයේ හටගත් ලැව්ගින්නකින් නිසා 12 දෙනෙක් මරුට
Local
10 July 2026
කතරගම දේවාලයේ ඇසළ පෙරහරට සමගාමීව සිදුකෙරෙන පාද යාත්‍රාව සඳහා කුමන ජාතික වනෝද්‍යානයේ දොරටු විවෘත කෙරේ
Local
10 July 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් තුන්වන පාර්ශවයකට ගිය සිද්ධියේ මුදල් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට
Local
10 July 2026
ඉරාන හිටපු උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කෙරේ
Local
10 July 2026
ජනපති අනුර අතින් අද සිට තඹුත්තේගමට වතුර
Local
10 July 2026
පාම් බීච් ගුවන් තොටුපළ නිල වශයෙන් ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ නමින් නම් වේ
Local
10 July 2026