General13 July 2026

කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ්ගේ අභාවය හේතුවෙන් ඉන්දියාවේ අද ජාතික ශෝක දිනයක්

නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘවරයා මෙන්ම එරට හිටපු එමීර්වරයා ද වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි වෙත ගෞරව දැක්වීමක් වශයෙන් ඉන්දීය රජය විසින් අද (13) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. .

මෙම ශෝක දිනයේදී ඉන්දියාව පුරා නිල වශයෙන් ජාතික ධජය ඔසවනු ලබන සියලුම ගොඩනැගිලිවල ජාතික ධජය අඩකුඹු කර තබන ලෙසත්, එදිනට සැලසුම් කර තිබූ කිසිදු නිල උත්සවයක් හෝ විනෝදාස්වාද වැඩසටහනක් නොපවත්වන ලෙසත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (12) පවසා සිටියා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ෂෙයික් හමාඩ්ව විග්‍රහ කර සිටියේ "කටාර් රාජ්‍යය ඉහළ සංවර්ධනයක් සහ සමෘද්ධියක් කරා මෙහෙයවූ දූරදර්ශී නායකයෙකු" ලෙසයි.

"2024 පෙබරවාරි මාසයේදී මා කටාර් රාජ්‍යයේ කළ අවසන් සංචාරයේදී මට ඔහුව හමුවීමට ලැබීම ගෞරවයක් කොට සලකන අතර, අපි ඔහුව සැබෑ මිතුරෙකු ලෙස සැමදා මතකයේ තබා ගන්නෙමු," යැයි අග්‍රාමාත්‍ය මෝදි සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිනෙනවා.
Related recommendation
Hiru TV News | Programmes