General13 July 2026

නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ පුද්ගලයන් නව දෙනෙකුට දඩ

නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ සැකකරුවන් නව දෙනෙකු අධිකරණයේදී වරද පිළිගැනීම හේතුවෙන් එක් එක් සැකකරුවෙකුට රුපියල් 50,000/= බැගින් වූ දඩ මුදලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද(13) නියම කළා.

එම දඩ මුදල් නොගවන්නේ නම් මාස තුනක ලිහිල් සිර දඬුවම් නියම කරන බව ද මහේස්ත්‍රාත්වරයා එහිදි ඔවුන්ට දන්වා සිටියා.

තවද මෙම සැකකරුවන්ට මාස පහක සිර දඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර පහකට අත්හිටුවන ලෙස අධිකරණයේදී නියම කළා.
Related recommendation
Hiru TV News | Programmes