General13 July 2026

රිපීටර් තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යළි රිමාන්ඩ්

රිපීටර් වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය (සජබ) මන්ත්‍රී අමිත චතුරංග සමරනායක මේ මස 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළා.

සැකකාර මන්ත්‍රීවරයා අද දින බලපිටිය මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය 11 වැනිදා ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය මගින් සිදුකළ වැටලීමකදී මෙම රිපීටර් වර්ගයේ ගිනි අවිය සමඟ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes