General13 July 2026

ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් අතර HIV ඒඩ්ස් රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශය අද (13) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ සංඛ්‍යාලේඛන සහ තොරතුරු අනාවරණය කළා.

පිරිමි පුද්ගලයන් අතර සමලිංගික සබඳතා ඉහළ යාම මෙම අවදානම ශීඝ්‍රයෙන් වැඩි වීමට ප්‍රධානතම හේතුවක් වී ඇති බවයි සෞඛ්‍ය අංශ මෙහිදී පෙන්වා දුන්නේ.

සාමාන්‍යයෙන් වාර්ෂිකව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර, විශේෂයෙන්ම 2023, 2024 සහ 2025 යන වසරවල මෑතකාලීන දත්ත දෙස බැලීමේදී ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවත්, පිරිමි සහ ගැහැණු පාර්ශවයන් අතර මෙම රෝගය ව්‍යාප්ත වීමේ අනුපාතය සැසඳීමේදී, පිරිමින් අතර ආසාදිතයන් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ අගයක පවතින බවත් ඔවුන් සඳහන් කළා.

විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පිරිමි පුද්ගලයන් අතර වැඩි වශයෙන් HIV ආසාදිතයන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළ අතර, මෙම දිස්ත්‍රික්කවල වැඩි ජනගහනයක් මෙන්ම නිතර සංක්‍රමණය වන ජනගහනයක් ජීවත් වීම මීට බලපා ඇති හේතුවක් බවයි සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes