ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් වත්මන් රජයේ ක්‍රියාකලාපය සහ රටේ පාලන කාර්යක්ෂමතාව කෙරෙහි මෙරට බහුතර ජනතාවකගේ විශ්වාසය තවදුරටත් ඉහළ මට්ටමක පවතින මුත්, දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ පෞද්ගලික ආර්ථික අපහසුතා තවමත් මෙරට ජනතාව මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වී ඇති බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ එහි සමීක්ෂණ ඒකකය වන සෝෂල් ඉන්ඩිකේටර් (Social Indicator) ආයතනය එක්ව සිදුකළ නවතම ජනමත සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.
2026 මැයි සහ ජූනි මාසවලදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සහ ජන කොටස් නියෝජනය වන පරිදි පුද්ගලයන් 1,240 දෙනෙකු ඇසුරින් සිදුකළ "ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳ විශ්වාසනීයත්ව දර්ශකය" (Confidence in Democratic Goveance Index) මගිනුයි මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ.
සමීක්ෂණයට අනුව, මෙරට ජනතාවගෙන් 51.4%ක් වැනි බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය වසරට සාපේක්ෂව තම ගෘහස්ථ ආර්ථික තත්ත්වය තවදුරටත් නරක අතට හැරී ඇති බවයි.
රජය විසින් ජීවන වියදම කළමනාකරණය කරන ආකාරය පිළිබඳව ද මහජන මතය දෝලනය වන අතර, ඒ පිළිබඳව 45.3%ක් තෘප්තිමත් වන විට 44%ක් පසුවන්නේ අතෘප්තිමත්භාවයෙන්.
විශේෂයෙන්ම සිංහල ප්‍රජාව අතර ජීවන වියදම සම්බන්ධයෙන් පවතින අතෘප්තිය 48.4%ක් දක්වා ඉහළ අගයක් ගන්නා අතර, නාගරික ප්‍රදේශවල වෙසෙන ජනතාව ග්‍රාමීය වැසියන්ට වඩා වැඩි ආර්ථික පීඩනයකට මුහුණ දෙන බව සමීක්ෂණ දත්ත පෙන්වා දෙනවා.
කෙසේ වුවද, ආර්ථික පීඩනය මධ්‍යයේ වුවද ජනාධිපති අනුර කුමාර දිසානායක කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය තවමත් 75.5%ක් වැනි ඉහළ මට්ටමක පැවතීම කැපී පෙනෙන ලක්ෂණයක්.
විශේෂයෙන්ම මලෛයහ දෙමළ (94.4%) සහ මුස්ලිම් (93.4%) ප්‍රජාවන් අතර ජනාධිපතිවරයා කෙරෙහි වන තෘප්තිමත්භාවය අතිමහත්.
ඊට සාපේක්ෂව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි පවතින මහජන තෘප්තිය 29.4%ක් වැනි පහළ අගයක පවතින අතර, 64.9%ක බහුතරයක් විපක්ෂයේ ක්‍රියාකලාපය පිළිබඳ අතෘප්තිය පළ කර තිබෙනවා.
එමෙන්ම, ජාතික ජන බලවේග රජයට රට තුළ කාර්යක්ෂම පාලනයක් ගෙනයෑමට ඇති හැකියාව කෙරෙහි ද 62.8%ක බහුතර විශ්වාසයක් පවතිනවා.
රටේ පවතින ප්‍රධාන දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව අවධානය යොමු කිරීමේදී, මෙරට ජනතාවගෙන් 64.1%ක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂව අදහස් දක්වා තිබෙනවා.
එහෙත් ඉන් 40.5%ක්ම පවසන්නේ එය අනුමත කළ ද, මේ මොහොතේ එය රජයේ ප්‍රධානතම ප්‍රමුඛතාවක් නොවන බවයි. එය වහාම අහෝසි කළ යුතු බව පවසන්නේ 23.6%ක් පමණයි.
මේ අතර, රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් කිරීම සඳහා පළාත් සභා මැතිවරණය පැවැත්වීම වැදගත් බව 67.0%ක බහුතරයක් අවධාරණය කර ඇති අතර, මෙය සියලුම ජනවාර්ගික සහ වයස් කාණ්ඩ අතර පොදුවේ පිළිගත් මතයක් බවට පත්ව තිබෙනවා.
මීට අමතරව, මෑතකදී රටට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු රජය ක්‍රියාත්මක කළ සහන සේවා සහ නැවත ගොඩනැඟීමේ කටයුතු පිළිබඳව 68.6%ක ඉහළ මහජන ප්‍රසාදයක් හිමිව තිබෙනවා.
එසේම, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රගතිය පිළිබඳව ද 51.6%ක් තෘප්තිමත් වන බව සමීක්ෂණයේදීයි පවසා ඇත්තේ.
සමස්තයක් ලෙස මෙම ජනමත සමීක්ෂණයෙන් පෙනී යන්නේ, වත්මන් පරිපාලනයේ දේශපාලන ප්‍රතිසංස්කරණ, සහන සේවා සහ පාලන කාර්යක්ෂමතාව පිළිබඳව මහජනතාව තුළ දැඩි ප්‍රසාදයක් පැවතුණ ද, රජයේ ඉදිරි ස්ථාවරභාවය රඳා පවතින්නේ ජීවන වියදම පාලනය කරමින් ජනතාවට ආර්ථික සහන සැලසීමට ගන්නා ප්‍රායෝගික පියවර මත බවයි.

Latest News
කටුනායක වෙඩි තැබීමක්
Local
15 July 2026
මහා භාණ්ඩාගාර වංචා සිද්ධියට අදාලව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයට දෙන්න: ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග
Local
15 July 2026
'' චාමර සම්පත්ගේ පළතුරු වට්ටි කතාව බොරු" - සිරිල් ගාමිණී පියතුමන්
Local
15 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන් විසි අටකට එරෙහිව පවරා ඇති නඩුව : නීතිපති උපදෙස්වලට
Local
15 July 2026
හිටපු අමාත්‍ය මර්වින් සහ ප්‍රසන්න රණවීර ඇතුළු හයකට අධිචෝදනා
Local
15 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 7.19කින් පහළට
Local
15 July 2026
පොලිසියේ නමින් සහ රජයේ GovPay අනුකරණය කරමින් ක්‍රියාත්මක වන SMS මූල්‍ය වංචාවක් ගැන හදිසි අනතුරු ඇඟවීමක්!
Local
15 July 2026
CBL සමපෝෂ අනුග්‍රහයෙන් පළාත් පාසල් ක්‍රීඩා උළෙල ජූලි 21දා ඇරඹේ
Local
15 July 2026
ජීවන වියදම නැග්ගත් අනුරට 75%ක් කැමැතියි - CPA නවතම වාර්තාව
Local
15 July 2026
ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට සරුංගල් යැවීමෙන් වළකින්න: ගුවන් හමුදාවෙන් හදිසි ඉල්ලීමක්
Local
15 July 2026