පවතින ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 1091කට අයත් පුද්ගලයින් 3951 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් සඳහන් කළා.
මෙම ආපදා තත්ත්වය නිසා පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් අයෙක් අතුරුදන් වී ඇතැයි ද ඇය වැඩිදුරටත් පැවසුවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (04) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළා.
මේ වන විට දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කර ඇති අවතැන් කඳවුරු 20 ක් තුළ පවුල් 523 කට අයත් පුද්ගලයින් 2195 දෙනෙකු රඳවා සිටින අතර, තවත් පුද්ගලයින් 224 දෙනෙකු ඥාති නිවාසවල රැඳී සිටින බව මෙහිදී අනාවරණය වුණා.
ආපදා තත්ත්වය නිසා දිස්ත්‍රික්කයේ නිවාස 2 ක් සම්පූර්ණ වශයෙන්ද, අර්ධ වශයෙන් නිවාස 90 ක්ද හානි වී ඇති බවද මෙහිදී වාර්තා විණි.
නිවාසවලට කාන්දු වූ ජලය සම්පූර්ණයෙන්ම බැස ගිය පසු, එම පිරිස යළි ඔවුන්ගේ නිවාස වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර, දිස්ත්‍රික්කයේ මේ වන විට පැවති අයහපත් කාලගුණ තත්ත්වය තරමක් දුරට පහව ගොස් ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා.
Latest News
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමක්
Local
04 August 2026
ICC විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි ඉදිරියට
Local
04 August 2026
ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
04 August 2026
අධිවේගී මාර්ගවල සියලුම අසුන්වලට පටි පැළඳීමේ සහන කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරේ
Local
04 August 2026
"පුරවපු භාණ්ඩාගාරයේ දොර ඇරලා ජනාධිපතිතුමා ජනතාවට සහන දුන්නා" - ඇමති සමන්ත
Local
04 August 2026
අධික වර්ෂාව නිසා ග්‍රෙගරි වැවේ වාන් දොරටු විවෘත කෙරේ: බෝට්ටු සේවා තාවකාලිකව අත්හිටුවයි
Local
04 August 2026
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි පද්මසිරිට ඇප
Local
04 August 2026
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Local
04 August 2026
ඩෙල්ෆ් දූපත සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමට පියවර
Local
04 August 2026
ටෙලිග්‍රෑම් යෙදවුම නැවතත් ඇපල් App Store වෙත
Local
04 August 2026