International15 August 2026

අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6ක් මරුට

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ නිවාස දෙකක සහ වනාන්තර ප්‍රදේශයක වෙඩි තැබීම් මාලාවක් සිදුව තිබෙනවා.

සිද්ධියෙන් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

39 හැවිරිදි චැඩ් හික්මන් නැමැති වෙඩික්කරු එම සිද්ධියෙන් පසු පලාගොස් තිබූ අතර, පසුව පොලිසිය විසින් කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී වනාන්තර ප්‍රදේශයක තිබී සැකකරු ගමන් කළ මෝටර් රථය හමුවී තිබෙනවා.

එහි තිබී වෙඩික්කරුගේ සහ තවත් අයෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබුණා.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
Related recommendation
Hiru TV News | Programmes