International17 August 2026

ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක යළිත් භූකම්පනයක්

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් කලාපයේ රික්ටර් මාපක 5.9 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

ජර්මන් භූවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ අද (17) පෙරවරු 12:46 ට පමණ මෙම භූකම්පනය වාර්තා වූ බවයි.

පොළොව මතුපිට සිට කිලෝමීටර් 10 ක් ගැඹුරින් පිහිටි මෙහි කේන්ද්‍රය දකුණු අක්ෂාංශ 8.57 සහ නැගෙනහිර දේශාංශ 121.55 ලෙස මුලින් හඳුනාගෙන තිබෙනවා.

ඉන්දුනීසියාවට පසුගිය 15 වැනිදා රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූ කම්පයක් සිදු වුණා.

එම කම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ද වාර්තා වූ අතර ජීවිත 47ක් අහිමි වුණා.
Related recommendation
Hiru TV News | Programmes