General16 August 2026

මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු

වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් වැන්ගාඩ් සර්වේ (Vanguard Survey) සමඟ එක්ව පවත්වන ලද නවතම "රට හිතන හැටි" (Mood of the Nation) මත විමසුමට අනුව, වත්මන් රජයේ අනුමැතිය සහ ආර්ථික දර්ශකවල කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා වී තිබෙනවා.

2025 පෙබරවාරි සහ 2026 පෙබරවාරි මාස වල 62%ක් සහ 65%ක් ලෙස ඉහළ මට්ටමක පැවති ආණ්ඩුවේ අනුමැතිය (Govement Approval) මේ වන විට (2026 ජූලි) 50% දක්වා පහළ ගොස් ඇති අතර, මෙහිදී අනුමත නොකරන ප්‍රතිශතය ඉහළ ගොස් ඇති අතර, 15%ක පහළ යෑමක් පෙන්නුම් කරනවා.

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්ද ජනතා මතය වෙනස් වී ඇති අතර, මීට පෙර 57%ක් ලෙස පැවති ආර්ථික තත්ත්වය (State of the Economy) පිළිබඳ යහපත් දැක්ම 38% දක්වා අඩු වී තිබෙනවා.

එසේම, ඉදිරි ආර්ථික අපේක්ෂා (Economic Outlook) යහපත් අතට හැරෙනු ඇතැයි විශ්වාස කළ 64%ක ප්‍රතිශතය 42% දක්වා පහළ වැටී ඇති අතර, සමස්ත තෘප්තිමත්භාවය (Satisfaction) ද 59% සිට 38% දක්වා අඩු වී ඇති බව මෙම නවතම සමීක්ෂණ දත්ත මඟින් අනාවරණය වෙනවා.

Related recommendation
Hiru TV News | Programmes