International18 August 2026

ට්‍රම්ප් ඕමානයට තර්ජනය කරයි

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය සමග සිදුවන සාකච්ඡාවලට ඕමානය බාධා කළහොත් ඔවුන්ට දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය පාලනය කිරීම පිළිබඳව ඉරානය සහ ඕමානය අතර වෙනම සාකච්ඡා පැවැත්වෙමින් ඇති පසුබිමකයි අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.

එමෙන්ම, අමෙරිකාවද ඒ සඳහා වෙනම සාකච්ඡා පවත්වමින් සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes