දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සිට රදැල්ල දක්වා සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතුවලට පවතින අයහපත් කාලගුණයෙන් බාධා පැමිණ ඇති බව එම ව්‍යාපෘති භාර පෞද්ගලික සමාගමේ තාක්ෂණික නිලධාරී අතුල විජේසිංහ පවසනවා.
ස්ථායිකරණ ක්‍රමවේදය මඟින් නායයෑමේ අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර ග්‍රේග්ලි වතුයායේ නාය ගිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ සහ ජයිකා ආයතනයේ නිර්දේශ මත සිදු කරනු ලබනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කළුගල් ලබා ගැනීමේ අපහසුතාවක් පවතින නිසා ව්‍යාපෘතියේ වැඩ කටයුතු අඩාල වී ඇති බවත්, දැනට එම ව්‍යාපෘතියේ වැඩ කටයුතු 60%ක් පමණ අවසන් වී ඇති බවත් තාක්ෂණ නිලධාරියා කියා සිටියා.
කොටගල දුම්රිය ස්ථානයේ සිට සේවා සැපයුම් දුම්රියක් මඟින් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ප්‍රවාහනය කරනු ලබනවා.
පවතින වර්ෂාපතනය අඩු වී වියළි කාලගුණ තත්ත්වයක් පැවතුනහොත්, කොටගල ග්‍රේග්ලි වතුයායේ දුම්රිය මාර්ගය අසල නාය ගිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම මේ වසරේ (2026) සැප්තැම්බර් මාසය අවසන් වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
Latest News
රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත්
Local
27 August 2026
නුවරඑළියේ දී පෝනියෙකුට පහරදුන් තරුණයා අත්අඩංගුවට
Local
27 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 270 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 177 දක්වා ඉහළට
Local
27 August 2026
ජල බෝතල් වැඩි මිලට විකිණූ ආපනශාලාවකට ලක්ෂ 9කට අධික දඩයක්
Local
27 August 2026
ඉම්රාන් ඛාන්ගේ පුත්‍රයින්ගෙන් පාකිස්ථාන පාලනයට දොස්
Local
27 August 2026
චීන සයිබර් ප්‍රහාරයක් අමෙරිකාව ව්‍යර්ථ කරයි
Local
27 August 2026
නියාමකගේ යතුරු පැදියෙන් වැලිකඩින් පලා ගිය රැඳවියා ගැන පරීක්ෂණ
Local
27 August 2026
නේපාලයට ඉන්දියාවෙන් ටොන් 10ක මානුෂීය ආධාර තොගයක්
Local
27 August 2026
දේශපාලන සිරකරුවන් රඳවාගැනීම වහා නතර කරන ලෙස බංග්ලාදේශයට ඉල්ලීමක්
Local
27 August 2026