International14 June 2013

ලෝක ජනගහනය මීළග සියවසේදී බිලියන 11 ක්.



 

දැනට බිලියන 7 ක් වූ ලෝක ජනගහනය වසර 2100 වන විට බිලියන 11 දක්වා ඉහළ යනු ඇතැයි ඇමරිකානු අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. වොෂින්ටන් සරසවියේ මහාචාර්ය ඒඩි‍්‍රයන් රැෆර්ටි ඇතුළු පර්යේෂකයන් පිරිසක් සිදුකළ මෙම අධ්‍යයනයට අනුව ඉදිරි සියවසේදී අප්‍රිකාවේ මෙන්ම, චීනයේ ජනගහනය ද අඩුවීමක් අපේක්ෂා කළ හැකියි. දැනට බිලියන 1 යි දශම 4 ක් වූ චීනයේ ජනගහනය මෙම සියවස අවසාන වනවිට බිලියන 1 යි දශම 1 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි එම පර්යේෂණයට අනුව හෙළි වී ඇත්තේ. 1999 වසරේදී බිලියන හයේ සීමාව ඉක්මවූ ලෝක ජනගහනය බිලියන 7 ක් වූයේ 2011 වසරේදීයි.

Related recommendation
Hiru TV News | Programmes