Business02 May 2026

ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්

මේ වසරේ මුල් මාස කිහිපය සැලකීමේදී ඉදිකිරීම් කටයුතු අඩු වේගයකින් වුවද අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, නව ඇණවුම්, සේවා නියුක්තිය මෙන්ම ව්‍යාපෘති ප්‍රධානය කිරීම ද ඉහළ මට්ටමක පවතිනවා.

මිල ඉහළ යාමේ අපේක්ෂා නිසා තොග රැස් කිරීමේ ඉහළ යාමක් ද මාර්තු මාසය වන විට දක්නට ලැබෙන බවයි මහ බැංකුව සඳහන් කර සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes