Business12 June 2026

අමෙරිකා - ඉරාන ගිවිසුම ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමග ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් පහතට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා.

ඒ, ඉරානය සමග පවතින ගැටුම් අවසන් කිරීමේ ගිවිසුමක් මෙම සති අන්තයේදී අවසන් විය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කිරීමත් සමගයි.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.10ක් දක්වා (4.74% කින්) පහත වැටී තිබෙනවා.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.50ක් දක්වා (4.80% කින්) පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes