ජපානයේ අගනුවර වන ටෝකියෝ නගරයේ වාර්ෂික මූලික උද්ධමන අනුපාතය (Core Inflation) ජූලි මාසයේදී ඉහළ ගොස් ඇති බව නවතම නිල දත්තවලින් අනාවරණය වී තිබෙනවා.
විශ්ලේෂකයින් පෙන්වා දී ඇත්තේ, මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ඉන්ධන සහ භාණ්ඩ මිල ඉහළ යාමේ බලපෑම ජපානයේ මිල මට්ටම් වෙතද ව්‍යාප්ත වෙමින් පවතින බව මෙම දත්ත මගින් පෙන්නුම් කරන බවයි.
නැවුම් ආහාරවල මිල ගණන් ඉවත් කර ගණනය කරන ටෝකියෝ මූලික පාරිභෝගික මිල දර්ශකය, ජූලි මාසයේදී සියයට 1.9කින් ඉහළ ගොස් ඇති අතර, එය වෙළඳපොළ අපේක්ෂා කළ සියයට 1.7ක වර්ධනයට වඩා ඉහළ අගයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ජූනි මාසයේදී මෙම අගය සියයට 1.6ක් ලෙස වාර්තා වූ අතර, එය අඛණ්ඩව හයවන මාසයටත් ජපාන මහ බැංකුවේ සියයට 2ක උද්ධමන ඉලක්කයට වඩා පහළ මට්ටමක පැවතුණා.
නිල දත්තවලට අනුව, ආහාර සහ දෛනික අවශ්‍යතා සඳහා භාවිත කරන භාණ්ඩවල මිල අඛණ්ඩව ඉහළ යාම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.
මේ අතර, සේවා අංශයේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 1.1ක මට්ටමේ නොවෙනස්ව පැවති අතර, වැඩිවන ශ්‍රම පිරිවැය පාරිභෝගිකයන් වෙත සම්පූර්ණයෙන් පවරා දීමට ව්‍යාපාර තවමත් ප්‍රවේශම් වන බවයි විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.
නැවුම් ආහාර සහ ඉන්ධන මිල ඉවත් කර ගණනය කරන, ජපාන මහ බැංකුව විශේෂ අවධානයෙන් නිරීක්ෂණය කරන උද්ධමන දර්ශකය ජූලි මාසයේදී සියයට 2.0ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ජූනි මාසයේ සියයට 1.9ක් ලෙස වාර්තා වී ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මේ අතර, ජූනි මාසයේදී ජපානයේ කර්මාන්තශාලා නිෂ්පාදනයද ඉහළ ගොස් ඇති අතර, ඉදිරි මාසවලදී තවත් වර්ධනයක් අපේක්ෂා කරන බව නිෂ්පාදකයින් පෙන්වා දී තිබෙනවා.
විශ්ලේෂකයින්ගේ මතය වන්නේ, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් දාමවල බාධා මධ්‍යයේ වුවද ජපාන ආර්ථිකය තවමත් ස්ථාවරත්වය පවත්වාගෙන යන බව මෙම දත්තවලින් පෙන්නුම් කරන බවයි.
කෙසේ වෙතත්, පසුගිය ජූනි මාසයේදී වසර 31ක ඉහළම මට්ටම වන සියයට 1.0 දක්වා පොලී අනුපාත ඉහළ නැංවූ ජපාන මහ බැංකුව, අද පැවැත්වෙන ප්‍රතිපත්ති රැස්වීමේදී එම අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට වැඩි ඉඩක් පවතින බව වෙළඳපොළ අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: පූජිත් සහ හේමසිරිට මරණ දඬුවම හිමිවෙයි
Local
31 July 2026
අයහපත් කාලගුණය නිසා යාපනයේ සිට බේරුවල දක්වා කුඩා ධීවර යාත්‍රා මුහුදු යාම තහනම්
Local
31 July 2026
දකුණු පාකිස්ථානයේ ගල් අඟුරු පතලක පිපිරීමක්: කම්කරුවන් 34ක් මරුට
Local
31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට
Local
31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු බන්ධනාගාරයට
Local
31 July 2026
මිරිස්සේ වෙඩි තැබීමක් : අයෙක් රෝහලට
Local
31 July 2026
හස්ත කර්මාන්තයට නව අධිකාරියක්
Local
31 July 2026
"ප්රජාතන්ත්රවාදය සුරැකීමටත් ගොවි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමටත් නැගී සිටිය යුතු කාලය එළැඹිලා" විපක්ෂ නායක
Local
31 July 2026
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම
Local
31 July 2026
රත්මලානේ කානු හදන්න අගමැතිගෙන් උපදෙස්
Local
31 July 2026