Business01 May 2013

ඉන්දීය, චීන, ජපන් සංචාරකයන් ගෙන්වා ගැනීමේ ඉලක්කයක්.



එළඹෙන මාස තුන ඇතුළත මෙරටට ඉන්දීය, චීන, ජපන් ඇතුළු ආසියාතික සංචාරකයන් ගෙන්වා ගැනීමේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සූදානම් වනවා. ඉදිරි මාස 3 ඇතුළත මෙරට සුවිශේෂී බෞද්ධ ආගම් රැසක් පැවැත්වෙන හෙයින් එය ඉලක්ක කර ගනිමින් මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර ඇති බවයි එම අධිකාරිය පවසන්නේ. එහිදී අනුරාධපුරය, පොළොන්නරුව සහ මහනුවර නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති. පසුගිය වසරේ ද මැයි, ජුනි, ජූලි යන මාසවලදී ශ්‍රී ලංකාවට පැමිණි ආසියාතික සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමග මෙම වසරේ මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes