Entertainment15 May 2026

සුපිරි පාපන්දු ක්‍රීඩක බෙකම් බ්‍රිතාන්‍යයේ පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙයි

එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු නායක ශ්‍රීමත් ඩේවිඩ් බෙකම් (Sir David Beckham), එක්සත් රාජධානියේ පළමු බිලියනපති ක්‍රීඩකයා බවට පත්ව ඇති බව 2026 Sunday Times Rich List වාර්තාව අනාවරණය කරනවා.

එහිදී ඩේවිඩ් බෙකම් සහ ඔහුගේ බිරිඳ වික්ටෝරියා බෙකම් සතු මුළු ඒකාබද්ධ වත්කම පවුම් බිලියන 1.185 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රිතාන්‍ය ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුව සම්පාදනය කරන්නන්ට අනුව, බිලියනපති තත්ත්වයට පත් වූ එක්සත් රාජධානියේ පළමු ක්‍රීඩකයා ලෙස බෙකම් වාර්තා අතරට එක්වෙනවා.

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුවද බෙකම් සතු සන්නාම වටිනාකම සහ සාර්ථක ව්‍යාපාරික ආයෝජන මෙම දැවැන්ත වත්කම් වර්ධනයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

මූලාශ්‍රය | බීබීසී
Related recommendation
Hiru TV News | Programmes