Sports07 June 2026

වර්ෂාව නිසා ශ්‍රී ලංකා - කොදෙව් තරග ආරම්භය ප්‍රමාද වෙයි

සංචාරක ශ්‍රී ලංකා - කොදෙව් දෙවෙනි එක්දින තරග ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

මින් පෙර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 01.00ට ආරම්භ වීමට නියමිතව තිබුණද, අයහපත් කාලගුණය ඊට බාධා කිරීම හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීම තරමක් ප්‍රමාද කෙරුණා.

පසුව කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව එය හිමිකරගත් කොදෙව්වන් විසින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර, Sabina Park, Kingston පිටියට මේ වනවිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තරග ආරම්භයට තරමක බාධා එල්ල වී තිබෙනවා.
Related Recomands
Hiru TV News | Programmes