Sports08 June 2026

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල ශූරතාවය තීරණාත්මක සටනකින් පසු ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව්ට

2026 Roland Garros හෙවත් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල ශූරතාවය තමන් සතු කරගැනීමට ජර්මනියේ සුපිරි ක්‍රීඩක, ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් (Alexander Zverev) සමත් වී තිබෙනවා.

පැරිස් නුවර Philippe-Chatrier ක්‍රීඩාංගණයේදී ඊයේ (07) පැවැති අතිශය උණුසුම් මුහුණුවරක් ගත් අවසන් මහා තරගයේදී, ඉතාලියේ ෆ්ලේවියෝ කෝබෝලි (Flavio Cobolli) වට 3-2ක් ලෙස පරාජය කරමිනුයි ස්වෙරෙව් සිය ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් (Grand Slam) ශූරතාවය මෙලෙස දිනාගත්තේ.

පැය කිහිපයක් පුරා ඇදී ගිය මෙම දීර්ඝ තරගයේ ලකුණු තත්ත්වය සටහන් වූයේ 6-1ක්, 4-6ක්, 6-4ක්, 6-7ක්, 5-7ක් සහ 6-1ක් වශයෙනි.

මීට පෙර ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරග තුනකදීම අවාසනාවන්ත ලෙස පරාජයට පත්ව සිටි 29 හැවිරිදි ස්වෙරෙව්, මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ 1996 වසරේ බොරිස් බෙකර් (Boris Becker) තැබූ වාර්තාවෙන් පසු ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල ශූරතාවයක් දිනාගත් ප්‍රථම ජර්මානු ක්‍රීඩකයා බවට ද පත්වුණා.

පළමු වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා, ස්වෙරෙව්ව පස්වැනි වටය (5th Set) දක්වා ඇද දමමින් ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඉතාලියේ 24 හැවිරිදි ෆ්ලේවියෝ කෝබෝලිට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු වුණා.
Related Recomands
Hiru TV News | Programmes