Sports01 July 2026

ස්වීඩනය පරදා ප්‍රංශයට විශිෂ්ට ජයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද (01) පැවැති ප්‍රංශය සහ ස්වීඩනය අතර තරගය විශිෂ්ට ලෙස ජය ගැනීමට ප්‍රංශය සමත් වුණා.

ඒ ගෝල 3 - 0 ක් ලෙසයි.

මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් තරගාවලියේ මීළඟ වටය (Round of 16) සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ප්‍රංශය වෙනුවෙන් Kylian Mbappé 45' වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කළ අතර දෙවැනි ගෝලය 74' වැනි මිනිත්තුවේදී වාර්තා කිරීමට සමත් වුණා.

මේ අතර Bradley Barcola 53' වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගත්තා.

ස්වීඩන කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට කිසිවෙකුත් සමත් වුණේ නැහැ.

අනතුරුව මෙක්සිකෝව සහ ඉක්වදෝරය අතර තරගය පෙරවරු 6:30ට ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes