ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනයේ (ITTF) අවුරුදු 11න් පහළ බාලක අංශයේ ලෝක අංක එකේ ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ ඕනෑම වයස් කාණ්ඩයක හෝ ස්ත්‍රී පුරුෂ භාවයක ගෝලීය අංක එකේ ශ්‍රේණිගත කිරීමකට හිමිකම් කිව් පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වූ 11 හැවිරිදි තාවි සමරවීර ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි සහ පුහුණු කඳවුරු මාලාවක් සඳහා සහභාගී කරවීමට සැලසුම් කර තිබෙනවා.
අගෝස්තු 24 සිට 27 දක්වා පැවැත්වෙන ස්ලෝවේනියා WTT යොවුන් තරගාවලිය, අගෝස්තු 29 සිට 31 දක්වා පැවැත්වෙන ක්‍රොඒෂියා WTT යොවුන් තරගාවලිය - වරාස්ඩින්, සැප්තැම්බර් 1 සිට 18 දක්වා පැවැත්වෙන ස්වීඩන් ජාත්‍යන්තර පුහුණු කඳවුර සහ සැප්තැම්බර් 25 සිට 27 දක්වා පැවැත්වෙන ජෝර්ජියා WTT යොවුන් තරගාවලිය - ටිබිලිසි යන තරගාවලි වෙතයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන තාවි, ඔහුගේ පියා වන හසිත සමරවීරගේ මගපෙන්වීම යටතේ පුහුණුවීම් ලබන අතර, ඉතාලියේ ලිග්නානෝ, කටාර්හි දෝහා සහ බහරේන් වැනි රටවල පැවති ලෝක මේස පන්දු යොවුන් තරගාවලිවලදී (WTT Youth Contender) රන් පදක්කම් දිනා ගනිමින් ගෝලීය කීර්තියක් අත්කර ගත් අතර දැනට ඔහු දකුණු ආසියානු කලාපයේ අවුරුදු 11න් පහළ සහ 13න් පහළ යන කාණ්ඩ දෙකෙහිම ප්‍රථම ස්ථානය රඳවාගෙන සිටිනවා.
නෝර්වේ රාජ්‍යයේ සැන්ඩිෆියුට් හි පසුගිය මැයි 30 වෙනිදා සිට ජුනි 02 වෙනිදා දක්වා පැවැති තරඟාවලියේදී වයස අවුරුදු 13න් පහළ අංශයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට තාවි සමත් වූ අතර, තමන්ට වඩා වයසින් වැඩි ක්‍රීඩකයන් තරඟ වැදුණු 15න් පහළ අංශයේ "හොඳම ක්‍රීඩකයන් 08 දෙනා" අතරට පැමිණීමට ද ඔහුට අවස්ථාව හිමිව තිබෙනවා.
මෙම සංචාරය හුදෙක් ශ්‍රේණිගත කිරීම් ලුහුබැඳීමට වඩා ක්‍රීඩකයාට අඛණ්ඩ ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීම, ඔහුගේ වර්තමාන මට්ටම ආරක්ෂා කර ගැනීම සහ ඉදිරි 2027 වසර සඳහා ශක්තිමත් ශ්‍රේණිගත කිරීමේ පදනමක් ගොඩනඟා ගැනීමේ අරමුණින් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන්ම ස්වීඩනයේදී පැවැත්වෙන සති කිහිපයක පුහුණු කඳවුර ප්‍රබල ජාත්‍යන්තර ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සමග පුහුණුවීම් ලැබීමට සහ මතු වූ දුර්වලතා මගහරවා ගැනීමට කදිම අවස්ථාවක් වන බවත්, මෙමගින් දිගුකාලීන සංවර්ධන සැලැස්මක් යටතේ තාවිගේ ඉදිරි ක්‍රීඩා දිවිය අඛණ්ඩව ඉහළ මට්ටමක පවත්වා ගැනීමටයි අපේක්ෂා වන්නේ.

Latest News
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 177 දක්වා ඉහළට
Local
27 August 2026
ජල බෝතල් වැඩි මිලට විකිණූ ආපනශාලාවකට ලක්ෂ 9කට අධික දඩයක්
Local
27 August 2026
ඉම්රාන් ඛාන්ගේ පුත්‍රයින්ගෙන් පාකිස්ථාන පාලනයට දොස්
Local
27 August 2026
චීන සයිබර් ප්‍රහාරයක් අමෙරිකාව ව්‍යර්ථ කරයි
Local
27 August 2026
නියාමකගේ යතුරු පැදියෙන් වැලිකඩින් පලා ගිය රැඳවියා ගැන පරීක්ෂණ
Local
27 August 2026
නේපාලයට ඉන්දියාවෙන් ටොන් 10ක මානුෂීය ආධාර තොගයක්
Local
27 August 2026
දේශපාලන සිරකරුවන් රඳවාගැනීම වහා නතර කරන ලෙස බංග්ලාදේශයට ඉල්ලීමක්
Local
27 August 2026
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 1500ට ආසන්න වෙයි
Local
27 August 2026
ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්
Local
27 August 2026
බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ 'කලෙක්ටර්' අත්අඩංගුවට
Local
27 August 2026