General13 May 2015

Update: මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ළඟ සිටි අලි පැටවෙකු වනජීවියට

කොළඹ අලූත්කඬේ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ළඟ සිටි අලි පැටවෙකු ඊයේ (13) බත්තරමුල්ල වනජීවී කාර්යාලය වෙත භාරදුන්නා. වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්.ඞී. රත්නායක ප්‍රකාශ කළේ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ළඟ සිටි අලි පැටවා ඔහුගේ සේවකයන් පිරිසක් වාහනයකින් රැගෙන විත් භාරදුන් බවයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, කථානායක චමල් රාජපක්ෂ වෙත මීට පෙර ලිපියක් යොමු කළා. එමඟින් දැක්වුනේ තමන් සන්තකයේ සිටින අලියා අංක 409,  ඕවිටිගම, මීගොඩ ලිපියේ පදිංචි දිසානායක බණ්ඩාගේ චන්ද්‍රරත්න යටවර නැමැති පුද්ගලයෙකුගේ නමින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබූ බවයි. 334 යන බලපත්‍ර  අංකය හිමි එම ලියාපදිංචියට අදාළ ලේඛන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කර බලා ඒවා නිවැරදි බව තහවුරු කර ගත් පසු එම අලියා තමන් මිලදී ගත් බව ද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ලිපියේ දක්වා තිබුණා. පසුව එම අලියාගේ බලපත්‍රය තම නමට පැවරීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව ඊට අනුමැතිය හිමි වී ඇති බවත් ලිපියේ තවදුරටත් සඳහන් වුණා.

මේ අතර, සැක සහිත ලෙස මියගොස් වල දමා ඇතැයි පැවසෙන අලි පැටවුන් දෙදෙනෙකුගේ සිරුරු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහරගම විපශ්‍යාරාම විහාරස්ථාන භූමියේ ආරම්භ කළ කැණීම් අද දිනයේත් සිදුකිරීමට නියමිතයි. ඒ, කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සහය ඇතිවයි.

වනාන්තරවලින් අල්ලාගත් අලි පැටවුන් පිළිබඳ තොරතුරු සොයා බලන ලෙස ඉල්ලමින් මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල සිදුකර තිබුණේ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක විසින්. ඒ, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්ගෙන් ලද තොරතුරුවලට අනුව පරීක්ෂණ සිදුකෙරෙන වන අලි එකලොස් දෙනාට අදාළ සිද්ධියට අමතරවයි.
Update: Thursday, 13 May 2015 - 08:03 AM
............................................................................

Update: වැළලූ අලියෙකු සොයා පොලීසිය සහ වනජීවිය තවමත් මහරගම පන්සල් වත්ත හාරයි

සැක සහිත ලෙස මියගොස් වල දමා ඇතැයි පැවසෙන අලි පැටවුන් දෙදෙනෙකුගේ සිරුරු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තවමත් මහරගම විපශ්‍යාරාම විහාරස්ථාන භූමියේ කැණීම් සිදුකරනවා. ඒ, කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සහය ඇතිවයි.

වනාන්තරවලින් අල්ලාගත් අලි පැටවුන් පිළිබඳ තොරතුරු සොයා බලන ලෙස ඉල්ලමින් මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල සිදුකර තිබුණේ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක විසින්. ඒ, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්ගෙන් ලද තොරතුරුවලට අනුව පරීක්ෂණ සිදුකෙරෙන වන අලි එකලොස් දෙනාට අදාළ සිද්ධියට අමතරවයි.

ඒ අනුව මහරගම විපශ්‍යාරාම විහාරස්ථාන භූමියේ මියගිය අලි පැටවුන් දෙදෙනෙකුගේ සිරුරු වළදමා ඇති බවට තොරතුරු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයට අදාළ ස්ථානය පරීක්ෂා කරන ලෙස නියෝග කර තිබෙනවා. මෙම නියෝගය පළමුව යොමුකර තිබුණේ කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාටයි. ඒ අනුවයි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවි දෙපාර්තමේන්තුවේ සහයද ඇතිව ඔවුන් විහාරස්ථාන භූමිය පරීක්ෂා කරන්නේ. ඒ සඳහා බැකෝ යන්ත්‍රයක්ද යොදාගෙන ඇති බව එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.



Update: Wednesday, 13 May 2015 - 07:23 PM
.........................................................
මහරගම පන්සල් භූමියක විශේෂ මෙහෙයුමක්

මිය යාමෙන් පසුව වළ දැමූ බවට සැක කෙරෙන අලි පැටවෙකු හෝ පැටවුන් කිහිප දෙනෙකුගේ සිරුරු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට මහරගම - විපකෂ්‍යාරාම විහාරස්ථානයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු අධිකරණ නියෝගයකට අනුවයි.

ඒ සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ද එක්ව සිටින බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක ප්‍රකාශ කළා. කැළයෙන් අල්ලා ගත් අලි පැටවුන් මෙම විහාරස්ථානයේ රදවා සිටි බවත්, එහිදී ඉන් කිහිප දෙනෙකු මිය ගොස් ඇති බවටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී තිබෙනවා. මිය ගිය අලි පැටවුන් විහාරස්ථාන භූමියේම වළ දමා ඇති බවට සැක කෙරෙන අතර, ඒ අනුවයි මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ.

Related recommendation
Hiru TV News | Programmes