International17 August 2025

චීන විදේශ ඇමති හෙට ඉන්දියාවට

චීන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ විශේෂ සංචාරයක් ආරම්භ කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයකර තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශ Wang Yi දෙදින නිල සංචාරයක් සඳහා හෙට (18) ඉන්දියාව බලා පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ෂැංහයි සහයෝගීතා සංවිධානයේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා චීනය බලා නියමිතව තිබියදීයී චීන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වීම විශේෂත්වයක්.

මෙම සංචාරය අතරතුර චීන විදේශ අමාත්‍යවරයා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සමග දේශසීමා සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් සමග ද ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes